e පාසැලේ කැන්ටිම  

Posted by e පාසල in



විවේක කාලයේදි සිනුව නාද විමත් සමගම පාසලේ එක්තරා ගොඩනැගිලි කොටසක මහා කාලගෝට්ටියකි.එම කොටස කුමක්දැයි අප සියලු දෙනා දනි.පාසැල් කැන්ටිම.
විවේකයට එහි ගොස් ආහාර මිලදී ගැනිම යුද්ධයකින් ජය ගනීම වැනිය,ඔබ අප සියලු දෙනාම එයට මුහුන දී ඇත. පෝලිමෙ සිට ආහාර  ලබා ගැනිමට කීම බොහෝවිට නිශ්පල කටයුත්තක් බව පාසැල් ගිය අපි සියල්ලන්ම දනිමු.එසේනම් එයට කළ හැක්කේ කුමක්ද?
පන්තිකාමරය තුලදීම ඇනවුම් කල හැකිනම් විවේකයේදි කවුරුන්හෝ පන්තියටම එම ආහාර ගෙනවිත් දේනම් එය කෙතරම් කදිමද?
මෙය අපේ සාම්ප්‍රදායික පාසැල් පද්ධතිය තුලින් බලාපොරොත්තු වියහැකි දෙයක්ද?ඇත්තෙන්ම මෙවැන්නක් සිදුවිය හැකිද.
මෙම ප්‍රශ්නයට පිලිතුර "ඔව්" නම් පසැල් යන දරුවන්ට එය කෙතරම් අශ්චර්යමත් දෙයක්ද?
මෙයට ඔව් යන පිලිතුර ලබදීමට E පාසලට හැකිනම් ,ඔව් E පාසලේ කැන්ටිම තුලින් එ අවස්ථාව ඔබට ලබා දීමට අපි කටයුතු කරමු.පන්තිකාමරයේ මොනිටරයක් සවි කර එය තුලින් අද දින ඇති ආහාර වර්ග දැන ගැනීමටත්,තමන්ට රිසිසේ ආහාර ඔනෑම වෙලාවක ඇනවුම් කිරීමටත් හැක.විවේකයේදී ඔබට ඇත්තේ සැහැල්ලුවෙන් පු‍ටුවේ හිඳ ගෙන ගීතයක් මුමුනමින් නිදහසේ ආහාර ගැනිම පමනි.පෙරසේ පොරබදමින් ඉතා අපහසුවෙන් ආහාර ලබාගත් අවදියට තිත තබීමට මේ කාලයයි

This entry was posted on 15 November 2010 at Monday, November 15, 2010 and is filed under . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment