e- පාසල සහ නවීන තාක්ෂණය  

Posted by e පාසල in



මෙතෙක් පැවතුනු පාරම්පරික පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යමින් නව සංකල්ප ඔස්සේ වර්තමාන තොරතුරු තාක්ෂණය භාවිතයෙන් අධ්‍යාපනය විමධ්‍යගත වීමක් සහ අධ්‍යාපනය සදහා වැඩි අවකාශයක් සිසුන් සදහා ලබාදීමක් සිදුවෙමින් තිබේ.මෙතෙක් පන්ති කාමරයට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනය අද පරිගණකය හා අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමට හැකිවීම නිසා වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇත. මේ හේතුවෙන් නව තාක්ශණ ක්‍රමවේද  උපරිම ලෙස උපයෝගී කරගනිමින් සිසුවාට වඩාත් ගැලපෙන ලෙස නිර්මාණය වූ  E-පාසලේ ඇති වෙමින් පවතී.මෙම E-පාසල් එනම් ඉලෙක්ට්‍රොනික අධ්‍යාපන කොටස් කිහිපයකට දැක්විය හැක.

1. Computer  Based  Training         (CBT)
2. Web Based Training                     (WEB)
3. Training Management  System  (TMS)
4. Diploma Education System         (DES)

මෙහිදී සදහන් කළයුතු වැදගත් කරුණක් වන්නේ වැඩි සිසුන් ප්‍රජාවකට තම තමන් සදහා ගැලපෙන වේලාවක් තොරා ගනිමින් තම අධ්‍යාපන කටයුතු වල යෙදීමට හැකිවීමයි. සම්ප්‍රදායික පන්ති කාමරය තුලදී පැන නගින, කාල සටහනකට අනුව පාඩම් තීරණය වීම, ඉඩකඩ ප්‍රමාණය අඩු වීම, දැනුම සීමා වීම, අමතර කරුණු සොයා ගැනීමට අපහසු වීම වැනි දුෂ්කරතා මගහැරී , වඩාත් ඵලදායී අධ්‍යාපන රටාවක් මෙම E-අධ්‍යාපනය තුලින් අතිවේ.
මේ හේතුවෙන් පරිගණකය යන උපාංගය අධ්‍යාපන ක්ෂේත්‍රය තුල වැදගත්ම උපකරණයක් බවට පත්වී ඇත.කලින් සකස් කරන ලද පරිගණක අධ්‍යාපනික වැඩසටහන් නැවත නැවතත් පන්ති කාමරය තුල භාවිතයට ගැනීමට හැකිවීම මෙයින් ඇතිවූ සුවිශේෂී ලක්ෂණයක් ලෙස හැදින්විය හැක.ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීක අධ්‍යාපනය දක්වා භාවිතා වන බොහෝ විෂය ධාරාවන් අද පරිගණක ගතකර තිබීමත්, එම අධ්‍යාපාන වැඩසටහන් වැඩි අපහසුවකින් තොරව නැවත නැවත ලබාගත හැකි වීමත්, විශේෂයෙන් මෙවැනි වැඩ සටහන් බහු මාධ්‍ය තාක්ෂණය (Multi Media Technology) භාවිතයෙන් සකසා ඇත.


එලෙසම ඉගෙනුම් කළමණාකරන පද්ධති (Learning Management System -LMS)  මගින් විශාල කණ්ඩායම් වලට අර්ථවත් ලෙස ඉගෙනුම් කල හැක. 
Learning Management System -
එමෙන්ම එම ලමස ක්‍රමය භාවිතා කිරීමෙන් පරිශීලකයන්ට හා සිසුන්ට පහසුවෙන් පඨමාලා වාර්ථා ලබා ගත හැක.එමගින් සිසුන්ගේ අධ්‍යාපන සීඝ්‍රතාවය සොයා ගත හැක.
Pre-Assignment
ශිෂ්‍යයෙකු කිසියම් විෂයකට දක්ෂතවයක් දක්වයි නම් ඔහුත් දැනුම අගයා ඊට අනුරූප ආකාරයට පාඨමාලාවේ පිළිවෙල වෙනස් කළ හැක.එමගින් සිසුවාගේ වටිනා කාලය ඉතිරි කර ගත හැක.
පන්ති කාමරය තුල ගුරුවරුන් හා සිසුන් අතර පැවති සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලිය පසු කාලීනව දුරස්ථ අධ්‍යාපනය(Distance Education) දක්වා දියුණු විය.මෙහිදී ගුරුවරයා හා සිසුන් තම තමන්ට පහසු ස්ථාන වල සිට සටහන්  හා උපදෙස් ලබා දීම හා ලබා ගැනීම කළ හැක. ගුරුවරයා හා සිසුන් මුණගැසීමේ අවශ්‍යතාවක් ඇති නොවේ.තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුනුවත් සමගම දුරස්ථ අධ්‍යාපනය ඉතා ජනප්‍රිය විය.

පන්ති කාමරය තුල අධ්‍යාපනය ලබා ගත හැක්කේ ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවකට වුවද බහු මධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සිදුකෙරෙන විද්‍යුත් අධ්‍යාපනයේදී(E-education) බොහෝ සිසුන් පිරිසකට එම සේවය නැවත නැවත ලබා ගැනීම අති විශේෂ වේ.
විද්‍යුත් ඉගෙනුම(E-Learning)  සහ ඒ අශ්‍රිත යටිතල පහසුකම් වැඩි දියුනු කිරීමට ශ්‍රී ලංකාව තුල වැඩි අවදානයක් යොමු වී ඇත.

This entry was posted on 14 November 2010 at Sunday, November 14, 2010 and is filed under . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment