ගොඩනැගිලි ඇත. ඩෙස්ක් බංකු ඇත. දරුවා උදයට එයි. හවසට නිවසට යයි. විශාල පොත් බෑගයක්ද ඇත. එතුල පොත්ද රශියකි. එයින් පෙනෙන්නේ ඔහු ඉගෙනගන්න බවද? ඔහු දැනුම ලබා ගන්නා බවද?
මේ පිළිබද සොයා බැලිය යුතුය. ශ්‍රී ලාංකික පාසල් පද්ධතියේ ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස බොහෝ දෙනෙක්ට පෙනී යන කරුණක් වන්නේ ඒ තුලින් බිහිවන පුද්ගලයන් තුළ නිර්මාණශීලීත්වයේ යම් අඩුවක් ඇති බවයි.
අලුත් දේවල් කිරිමටත්, අලුතින් සිතා නිර්මණශිලී දෑ කිරිමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල ඉඩකඩ ඇහිරී ඇති බවක් පෙනේ.තනිවම සොයාබලා අලුත්දේ ඉගෙනීමටද දරුවන් තුල එතරම් උනන්දුවක් නැතිබව පෙනේ. සමහරවිට ඔවුන්ට ඇති කාලයේ හිගකම මෙයට හේතුවක් විය හැක.
මන්දයත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල දරුවන්ට පාසල තරම්ම යන්ත්‍රයක් බවට පත්ව ඇති බවක් පෙනෙයි . දිනපතා උදේ පාසලට යන දරුවාට නැවත සවස ටියුශන් යාමට සිදුව තිබේ.එසේ වු කල නිදහසේ සිතන්නට ඔහුට වෙලාවක් කොහින්ද?
එය එසේ නම් අපට සිතන්නට දෙයක් ඇත.දවස පුරා ඉගෙනීමේ යෙදුනත් ගණිත විෂය සමත් වන පිරිස 50% කට අඩුවෙන්නේ ඇයි? මෙසේ බැලීමේදි අපිට කොහෙන් හෝ වැරදී ඇතිබව පෙනේ.එසේනම් ඒ කොහේද?
දරුවාට නිදහසේ සිතන්නට, තනිවම යම්යම් දේ ඉගෙනීමට ඔහුට වෙලාවක් නැත. මනස සංවර්ධනය වන ළමා අවධිය නිදහසේ වින්දනය කිරීමට ඔහුට ඉඩකඩ තිබිය යුතුය.
රටක ජීවනාලිය දරුවන්ය. ඔවුන් ලබන අධ්‍යාපනය රටක දියුනුවේ මූලබීජයයි. ව්‍යවස්ථාව මගින් රටේ සියලුම දරුවන්ට අධ්‍යාපනය සදහා සමාන අයිතිවසිකම් ලබාදී තිබේ. නමුත්මෙය කෙතරම් ප්‍රායෝගිකද? සිතා බැලිය යුතුයි.
සම්පත්බෙදීයාමේ විශමතාවය නිසා සියලු දරුවන්ට සමානව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිවී ඇත. ගුරුහිගය..පෙලපොත් හිගය.. විද්‍යාගාරහිගය.. ක්‍රීඩා භාණ්ඩ හිගය....
මේ ගැටලුවලට පිළියම් පිළිබදව සිතීමේදී වඩාත් සුදුසුම පිළියම ලෙස "E-පාසල"සංකල්පය යොදා ගත හැකි බව පැහැදිලි වෙයි.
This entry was posted
on 14 November 2010
at Sunday, November 14, 2010
and is filed under
මිනිසා බුද්ධිමතකුවන්නේ ඔහුට උගන්වනදෙයින් නොව ඔහු ඉගෙනගන්නා දෙයිනි.
. You can follow any responses to this entry through the
comments feed
.