- නිර්මාණශීලීත්වයට විෂය නිර්දේශයේ ඉඩකඩ මදවීම නිසා නව නිපැයුම්වල අඩුබවක්ද ඇත.
- නිවසින් නික්මෙන දරුවා පාසලට පැමිණෙන බවට දෙමාපියන්ට නිශ්චිතවම දැනගනීමට සැකසුනු ක්‍රමවේදයක් නැත.
- ඉතා දුර්වල මට්ටමේ සිසුන්ට වර්ෂය අවසානය දක්වාම තමාගේ තත්වය පිලිබද දැනගැනීමට හැකියාවක් නැතිවීම. ඔවුනට එම තත්වය මගහැරගැනීමටද විකල්පයක් සාම්ප්‍රදායික පාසල තුල නැතිවීම.
- පාසල් ලිපිගොනු සම්බන්ධ කටයුතු (පාසල් සහතික නිකුත් කිරීම ආදිය...) වලදී බොහෝ වේලගත වීම ,එනම් කාර්යක්ෂමතාවය අඩුවීම.
- සාම්ප්‍රදායික පාසල තුල බොහෝවිට යම් කාර්යයක් කිරීමේදී ඒ සදහා මානව සම්පත් හා වෙනත් භෞතිකමය සම්පත් රාශියක් යොදා ගැනීමට සිදුවීම නිසා විශාල කාලයක් හා සම්පත් නාස්තියක් සිදුවේ.
- සාම්ප්‍රදායික පාසල තුල කාර්යමණ්ඩල කටයුතු සදහා විශාල ලිපිද්‍රව්‍යය හා භෞතික සම්පත් රාශියක් යොදාගැනීම තුලින් අනවශ්‍ය ඉඩක් වෙන්වීම හා අකාර්යක්ෂම ක්‍රියා පටිපාටියක් නිර්මණය වීම.
- සාම්ප්‍රදායික පාසල තුල සිටින සුවිශේෂ දක්ෂතා අති ශිෂ්‍යයන්ට පාසලෙන් පිටතට එම දක්ෂතා පෙන්වීමට අවකාශයක් නොමැතිවීම.
- සාම්ප්‍රදායික පාසල තුල අනිකුත් පාසල් සමග අන්යොන්‍ය සබදතා පවත්වා ගැනීමට වඩාත් හොදින් නොහැකිවීම නිසා පාසල් වල සිසුන් අතර සුහදතාව වර්ධනය නොවීම නිසා නිතරම සිසුන් අතර ගැටුම් අතිවීම.
- කෙතරම් අලුත් ඉගෙනීමේ ක්‍රම තිබුනද ඒවා ක්‍රියාවට නොනැංවීම.
- සාම්ප්‍රදායික පාසල තුල දෙමපියන්ට දරුවන්ගෙ ප්‍රගතිය සමාලෝචනය ක්ෂණිකව දැනගැනීමට ක්‍රමයක් නොමැතිවීම නිසා දෙමාපියන් හා පාසල අතර සම්බන්ධතාවය දුර්වල වීම.
- දෙමාපියන්ට රැස්වීම් වලට සහභාගීවීමට නොහැකි වූ විට එහි සාකච්චා වූ කරුණු දැනගැනීමට නොහැකිවීම.
This entry was posted
on 12 November 2010
at Friday, November 12, 2010
and is filed under
සාම්ප්‍රදායික පාසල
. You can follow any responses to this entry through the
comments feed
.