වැලිපිල්ලෙන් Cyber අවකාශයට  

Posted by e පාසල in


හසින් බැදි පියලි ගෙන දිසාපාමොක් අදුරුතුමාගේ නිවසට ගොස් අකුරු කල කාලයක් බුදුරජාණන් වහන්සේගේ කාලයකටත් පෙර යුගයේ පැවතුණී.  කුඩා කල දරුවන් ඇදුරුතුමාට බාර දෙන දෙමා පියන්ට නවත ඔවුනට දක්නට ලැබනුයේ සොලොස්විය සම්පූර්ණ වූ විටදීය. පාසලේ විකාශය එම යුගයේ සිට මේ දක්වා සිදුව ඇති ආකාරය මෙසේ සැකවින් විමසමු.

ලංකාවේ අධ්‍යාපන ලබා දීම මූලිකව සිදු වූයේ පන්සල මූලික කරය ගෙනය. නැකතට පන්සලේ ලොකු හාමදරුවන්ගේ මුලින්ම '' උගනින දරුවා පන්සල තුලදීම තමාගේ අධ්‍යාපන කටයුතු සිදු කලේය.පිරිසිදු වලිවලින් පිලියල කරගත් වලි සහිත ප්‍රදේශයක මෙම අකුරු ලිවීම සිදුකලහ. මෙය වැලි පීල්ලේ අකුරු ලිවීම නමින් හැදින්විය. පෘතුගීසි ,ලන්දේසි, ඉංග්‍රීසි ආදී විදේශික ආක්‍රමණිකයන් ලංකාව යටතත් විජිතයක් බවට පත්කර ගනීමෙන් අනතුරුව අධ්‍යාපන ක්‍රමයද ඔවුනටම ආවේනික වූ විදි විදාන අනුව පාලනය විය. මිශනාරි අධ්‍යාපනයට මූලික ස්තානයක් හිමි වෙමින් කතෝලික පල්ලි අශ්‍රිතව මිශනාරි පාසල් ‍රැසක් බිහි විය .

1948 නිදහස ලබා ගැනීම සමග එම ක්‍රමය වෙනස් වීම ඇර්ඹුණි. නිදහස් අධ්‍යාපන මනුශ්‍යයෙකු ලෙස උපත ලබන සියල්ලටම අයිතිවාසිකමක් ලෙස ලබාදුනි. වයස 16 අඩු සියලු දරුවන්ට පාසල් අධ්‍යාපන අනිවාර් විය.

මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව ආසියාවේ සාක්ශරතාව අතින් ඉහල රටක් බවට පත්වී තිබේ. නමුත් එම පාසල් අධ්‍යාපන ක්‍රමය ද 21 වන සියවසෙන් ඔබ්බට පියනගන දරුවන්ට පෙර සේ උචිත නොවන බව පැහැදිලිව පෙනෙන කරුනකි.

විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති ලෝකය තුල එයට අවශ්‍ය ලෙස හැඩ ගැසීමට ඔබගේ නිවසේ කවුලු විවර කරන්න.

පිටතින් පැමිනෙන යහපත් සියලු දේට පැමිනීමට ඉඩ දෙන්න. නමුත් ඔබගේ යහපත් දේ එම කවුලු වලින් ගසාගෙන යාමට කිසි සේත් ඉඩ නොදෙන්න.

එසේ නම් නවීණ ලෝකයට හැඩ ගැසීමට හැකි තරගකාරී ලෝකයේ වරණයට ලක් නොවී සිටිය හැකි ශක්තිමත් සිසු පරපුරක් පාසල තුලින් බිහි කරවීම සදහා e-School සංකල්පය යොදාගත හැකි.

e - පාසලෙන් මොනවද කරන්නෙ  

Posted by e පාසල in

  •  සිසුන්ට පරිගණක ගතකල හැදුනුම්පත් ලබා දීම.
  •  සිසුන්ගෙ පැමිණීම සටහන් කර ගැනීමට එම හැදුනුම්පත් භාවිතා කිරීම.
  •  වර්ෂ අවසානයේදී සිසුන්ගේ පැමිණීමේ ප්රතිශතය ස්වයන්ක්රීයව ගණනය වන සේ          
  •  මෘදුකාංග භාවිතා     කිරීම.
  • දෙමව්පියන්ට සිසුන්ගේ ලකුණු මට්ටම් අන්තර්ජාලය ඔස්සේ නිරික්ෂණය කිරිමට හැකි වන සේ
  • වෙබ්  අඩවියක් නිර්මනය කිරීම.
  • පාසල ඇතුලත ආරක්ෂක කැමරා සවි කිරීම.
  • එම කැමරා  අධාර කරගෙන, පන්ති කාමරවල වැඩ කටයුතු සිදු කරන ආකාරය  
  • විදුහල්පතිතුමාට  නිරීක්ෂණය කිරීමට හැකි වීම.
  • දෙමව්පියන්ට අන්තර්ජාලය හරහා තම දරුවා පාසලේ ඉගෙනගන්නා ආකාරය නිරීක්ෂණය  
  •  කිරීමට හැකි වීම.
  • ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමෙ ක්රමය පරිගණකගත කිරීම.
  • නියමිත දිනට වැටුප්, ගුරුවරුන්ගේ බැංකු ගිණුම් වලට ස්වයන්ක්රීයව බැර වන සේ සකස් කිරීම.
  • සිසුන්ගේ විශේෂ දක්ෂතා අන්තර්ජාලය ඔස්සේ ප්රදර්ශනය කර, ඔවුන්ට අනන්යතාවයක්    
  •  සමාජය තුල ලබා දීම.
  • ක්රීඩා තරග, විවිධ උත්සව ආදිය ගැන අන්තර්ජාලය හරහා ප්රසිද්ධියක් ලබා දීම.
  • පාසලේ කාර්ය මණ්ඩලයේ පැමිණීම සටහන් කර ගැනීමට විශේෂ හැන්දුනුම්පත් ලබා දීම.
  • පාසලේ කාර්ය මණ්ඩලයට අන්තර්ජාලය ඔස්සේ නිවාඩු ඉල්ලුම් කිරීමට හැකි වීම.
  • පාසලේ එදිනෙදා උගන්වන පාඩම්,අන්තර්ජාලය තුල ස්ථාපනය කිරීම.
  • පාසල් නොපැමිණි දිනකදි ඉගැන්වූ පාඩම්, අන්තර්ජාලය ඔස්සේ නැවත නැවතත් නැරඹීමට හැකි වීම.
  • සිසුන්ගෙ පාසල් ගාස්තු අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හැකි වීම.
  • සිසුන්ට එක්වරම වටහා ගැනීමට අපහසු විෂය කරුනු නැවත නැවතත් අන්තර්ජාලය 
  • ඔස්සේ නැරඹීමට හැකි වීම.